Local NewsNews

කැළඹුණු කාලගුණය : පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළං

ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 500ක් දුරින් මේ වන විට ස්ථානගතවී පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24 තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරිමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයිනපුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම පද්ධතිය හෙට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මඩකළපුව සහ පේදුරු තුඩුව අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ලඟා වෙනු ඇත.

නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 200 ඉක්මවා වැසි ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 80-90ත් අතර තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ.

සෙසු ප්‍රදේශවලට ද පැයට කිලෝමීටර් 60-70ත් අතර තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

ඇතිවිය හැකි අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

හෙක්ටයාරයකින් කෝටි හතරක්..

Malar FM

ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..

Malar FM

මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්

Malar FM