Local NewsNews

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩුපාඩු ඇතත් එම වාර්තාව තමන් ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ සදහන් කළේ එම වාර්තාවේ වැදගත් නිර්දේශ රැසක් ඇතුළත් බවයි. එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම 

බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කළ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදුන්නා. ඒ, එම කමිටුවේ සභාපති චමල් රාජපක්‍ෂ විසින්.

nethnews

Related posts

පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ වැඩක් නොවේ – මුජිබර් රහුමාන්

Malar FM

“කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් වන තත්ත්වයක් තවම නෑ”

Malar FM

අඩි 5000ට වඩා උස භූමියේ ගොවිතැනේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා – රෝහණ විජේවීර 1970 දී දුටු අනතුර ගැන මන්ත්‍රී නිමල් පලිහේන කියයි

Malar FM