Local NewsNews

සයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ. මෙම වෛද්‍යවරුන් 74 පමණක් බඳවා ගන්නා අතර එය පූර්වාදර්ශයක් ලෙස ඉදිරියට බලනොපාන බවද අමාත්‍යාංශය අවධාරණය කරයි.

සයිටම් ආයතනය 2011 වසරේදී උපාධි පිරිනමන ආයතනයක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගෙන තිබේ. ඒ අනුව කාණ්ඩ තුනක් ලෙස සිසුන් බඳවා ගෙන ඔවුන් 2017 මාර්තු වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඔවුන් සඳහා තාවකාලික ලියාපදිංචි ලබා​නොදීම මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ලැබුණු තීන්දුවක් මත තාවකාලික ලියාපදිංචිය ලබාගෙන තිබේ. ඉන් පසු 2020 සැප්තැම්බර් වන විට සීමා වාසික පුහුණුව අවසන් කර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචිය ලබාගෙන ඇත.

Related posts

ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…

Malar FM

එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට

Malar FM

LTTE, JVP ගැටුම් නිසා ලංකාවට ඩොලර් බිලියන 200ක් අහිමි වුනා..

Malar FM