International NewsNews

කොරෝනා හැදුනු අයට අතුරු අබාධ 200ක්..- ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් හේතුවෙන් රෝගීවූවන් දීර්ඝකාලීනව පීඩාවිඳින පශ්චාත් රෝග ලක්ෂණ 200ක් පමණ පවතින බවත් ඒවා අතුරින් හුස්ම හිරවීම, මතකය හා අවධානය අඩුවීම මෙන්ම තෙහෙට්ටුව බහුලව දක්නට ලැබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානයේ ‘සයන්ස් ඉන් 5’ (Science in 5) වැඩසටහන සමග එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සායනික කළමනාකරුවන වෛද්‍ය ජැනට් ඩයස් මෙලෙස පශ්චාත් කොවිඩ් තත්ත්වය හෙවත් සුවය ලැබූ රෝගීන් මුහුණ දෙන රෝග ලක්ෂණ පිළිබඳව පැහැදිලි කර ඇත.

ඉහත ප්‍රධාන රෝග ලක්ෂණවලට අමතරව කතාකිරීමේ අපහසුව, සංකාව, මානසික අවපීඩනය, පේශී වේදනාව, උණ, ගඳ සුවඳ නොදැනීම, රස නොදැනීම වැනි රෝග ලක්ෂණ කොවිඩ් 19 ආසාදනය වී සුවවූ පුද්ගලයන් ආශ්‍රිතව දැකගත හැකි වන බවයි.

බොහෝ පුද්ගලයන්ට පශ්චාත් රෝග ලක්ෂණ මාස තුනේ සිට මාස නවය දක්වා කාලයක් පවතින බව වාර්තා වී ඇති නමුත් මුළුමනින්ම ඒවා සුවවනවාද යන්න පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බවද ජැනට් ඩයස් ප්‍රකාශ කර තිබේ.

මෙවැනි කොවිඩ් පශ්චාත් රෝග ලක්ෂණ වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා පුනරුත්ථාපන වෘත්තිකයන්ගේ සහ මනෝ දේශකයන් ඇතුළු සමාජයේ විවිධ ස්ථරවල තවත් විශේෂඥයන් රැසකගේ සහාය අවශ්‍ය බවද ඇය පෙන්වා දී ඇත.

– aruna

Related posts

අපි ටිකෙන් ටික හිස ඔසවගෙනයි එන්නේ…

Malar FM

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Malar FM

බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…

Malar FM