Local NewsNews

ටිහාරා ලැගුම්හලේදී අවසන් ඇමතූ අයගෙන් ප‍්‍රශ්ණ කෙරේ.. තොරතුරු රැසක් එලියට..

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මහලින් ඇද වැටී මිය ගිය ටිහාරා නිර්මානී නම් 16 හැවිරිදි පාසැල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් පුද්ගලයන් ගැන මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ මරණය සිදුවූ දිනයේ ඇය එම ලැගුම් හලේ සිටි කාලය තුළ ඇය විසින් දුරකථන ඇමතුමක් ලබා ගත් උපකාරක පන්ති ගුරුවරයෙකු ගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම ප්‍රශ්න කිරීමේ දී ගුරුවරයා සඳහන් කර ඇත්තේ තමන් මෙම සිසුවිය හොඳින් හඳුනන බවයි. ප්‍රශ්න කිරීම් වලදී සිසුවිය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

එමෙන්ම එම දුරකථනයට ඇමතුම් ලද සහ ඇමතුම ලබා ගත් පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර ලද අවසාන ඇමතුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වේ.

Related posts

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

Malar FM

මහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…

Malar FM

විල්පත්තුව ගැන නඩුව විවාදයට ගැනීමට දින නියම කෙරේ

Malar FM