NewsPolitical

ඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවා…

මෙරටට ඉන්ධන ගෙන ඒමට ආණ්ඩුවට නොහැකි වීම හේතුවෙන් රට වසා දැමීමට සිදුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එසේ රට වසා දැමීමට සිදුවීම විපක්ෂය පිටින් යැවීමට ආණ්ඩුව සූදානම් වන බවද ඔහු පැවසීය.

නමුත් ඒ සඳහා සමගි ජනබලවේගය ඉඩ නොතබන බව ද ඔහු කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂම මුදල් කළමණාකරනය හේතුවෙන් ඛණිජ තෙල් ගෙන ඒමට නොහැකි වී ඇති බවත් ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවටත් වන සත්‍ය තත්ත්වය ජනතාවට කිය යුතු බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

Related posts

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Malar FM

කොරෝනා තියෙද්දී ජපානයේ කුරුලු උණ පැතිරේ පළාත් හතරකටත් ව්‍යාප්තයි

Malar FM

කොවිඩ් මරණ 5ක්

Malar FM