Local NewsNews

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

පවතින විදුලි අර්බුදය හේතුවෙන් පැය දෙක තුනක කාලයක් දෛනික විදුලි කප්පාදුවක් සිදු වුවොත් ජලය බෙදා හරිමින් ගැටළුවක් ඇති නොවන බව ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු මහතා සඳහන් කරයි.

නමුත් ඊට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවොත් ජලය බෙදාහැරීම කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් කුමන ප්‍රදේශයකට විදුලිය විසන්ධි කිරීමක් සිදු වුව ද ජල සම්පාදන මණ්ඩලයට විදුලිය සැපයීමට මණ්ඩලය එකඟතාවයක් ඇතිකර ගෙන ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ඉහත සඳහන් කළ ආකාරයට පැය දෙක තුනක් වැනි කාලයකට විදුලිය විසන්ධි වීමක් සිදු වුවහොත් එම කාලය තුළදී බෙදා දීමට ජලය එක් රැස් කරගත හැකි බවද ඔහු පැවසීය.

ජල සැපයුම අත්හිටුවීමට තරම් සිද්ධියක් සිදු වෙතැයි ඒ තමන් නොසිතන බවත් දීර්ඝ විදුලි විසන්ධි වීමක් සිදුවන බවට විදුලිබල මණ්ඩලය මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..

Malar FM

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

Malar FM

වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…

Malar FM