Local NewsNews

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

පවතින විදුලි අර්බුදය හේතුවෙන් පැය දෙක තුනක කාලයක් දෛනික විදුලි කප්පාදුවක් සිදු වුවොත් ජලය බෙදා හරිමින් ගැටළුවක් ඇති නොවන බව ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු මහතා සඳහන් කරයි.

නමුත් ඊට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවොත් ජලය බෙදාහැරීම කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් කුමන ප්‍රදේශයකට විදුලිය විසන්ධි කිරීමක් සිදු වුව ද ජල සම්පාදන මණ්ඩලයට විදුලිය සැපයීමට මණ්ඩලය එකඟතාවයක් ඇතිකර ගෙන ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ඉහත සඳහන් කළ ආකාරයට පැය දෙක තුනක් වැනි කාලයකට විදුලිය විසන්ධි වීමක් සිදු වුවහොත් එම කාලය තුළදී බෙදා දීමට ජලය එක් රැස් කරගත හැකි බවද ඔහු පැවසීය.

ජල සැපයුම අත්හිටුවීමට තරම් සිද්ධියක් සිදු වෙතැයි ඒ තමන් නොසිතන බවත් දීර්ඝ විදුලි විසන්ධි වීමක් සිදුවන බවට විදුලිබල මණ්ඩලය මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඇගළුම් කම්හලකින් ඩෙල්ටා මතුවේ.. සෞඛ්‍ය අංශ තිගැස්සී යයි..

Malar FM

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

Malar FM

කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයි

Malar FM