Local NewsNews

ලෝක සාම සමුළුවේ ප‍්‍රධාන දේශණය මෛත‍්‍රීගෙන්.. ආරාධනය බෑන් කී මූන්ගෙන්..

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබුණි.

එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද(10) සිංගප්පූරු ගුවන් සමාගමට අයත් SQ469 ගුවන්‍ යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

ආසියානු කලාපය තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කළ රාජ්‍ය නායකයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ගෞරවාදරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා හට පෞද්ගලිකව මෙම ආරාධනය කර තිබෙනවා.

දකුණු කොරියාවේ පැවැත්වෙන 2022 සාමය පිළිබඳව ලෝක සමුළුව ඇමතීමට සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු මුණගැසීමට මෙම සංචාරය අතරතුර දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් බලාපොරොත්තුවෙන් සිටි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනයි.

– media unit

Related posts

අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

Malar FM

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

Malar FM

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Malar FM