NewsPolitical

භාරකාර ජනාධිපති ධුරය සදහා නමක් යෝජනා වෙයි..

ජනාධිපති ධුරය මාස හයක කාලයකට හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

“කවුරුත් නැත්තම් භාරගන්න හර්ෂ ද සිල්වා ට දෙන්න ජනාධිපතිකම. ආර්ථික විශේෂඥයෙක්. ප්‍රශ්නයක් නෑ. මාස 6යි. අපේ නායකතුමා ඉල්ලන්නේ නෑ.. එතුමා බලාගෙන ඉන්නවා. මේ රට කරන්න මොකෙක් හරි ඕනේ.

225ම ගෙදර යන්න ඕනේ කියලා ජනතාව කියනවා. කිසි ප්‍රශ්නයක් නෑ. පත් කරන්නේ ජනතාව නම් කියන වෙලාවට යන්නත් ඕනේ.

මිනිස්සු බලන්නේ ඔක්කොම හොරු කියන තැන ඉඳන්. හැබැයි මම කියන්නේ දෙපැත්තෙම ඉන්නවා හොඳ අය.

අපිට මෙහෙම වුණේ එකතු වෙන්න බැරි වුණ නිසා. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් මගේ පක්ෂයත් ඇතුළුව මේ පක්ෂවලට බෑ දෙයක් කරන්න. ලැජ්ජයි.

මේ පාර්ලිමේන්තුවට පුළුවන් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරන්න. ලංකාවේ මිනිස්සු ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ. මිනිස්සු පෝලිම්වල දුක්විඳිනවා.. ඡන්දයක් කරන්න පුළුවන්ද?. මට හරි කනගාටුයි මේ දේශපාලනඥයින් ගැන.

මේ අය එකතු වෙන්න ඕනේ. ඒක බොහොම අවංක එකතුවීමක් වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තැනක් වෙලා. බොරු කියන්න ඕනේ නෑ.

පක්ෂ නායකයින්ට ඇයි බැරි එකතු වෙලා බොක්කෙන් කතා කරන්න. හෙට අනිද්දා මිනිස්සු මේකට ගහනවා ගහනවා ගහනවාමයි. මේ පාර්ලිමේන්තුවට බෑ කිසිම තීරණයක් හරියට අරන් ඉවර කරන්න.

එකෙක්ට.. එක පක්ෂයකට උවමනා නෑ මේ රටේ මිනිස්සු දුක්විඳින ප්‍රශ්නයට උත්තරයක් ගේන්න.

මාස 6ක් අවුරුද්දක් ඡන්දයක් එනෙකම් කියලා විපක්ෂයේ දේශපාලනඥයෝ කරඅරිනවා නම් අපි ගැන ලැජ්ජා වෙනවා.”

Related posts

මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..

Malar FM

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

Malar FM

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

Malar FM