NewsPolitical

ජනාධිපති ගෙදර යවන්න වැඩපිළිවෙල හදන්න ලොකුගේ මුල පුරයි..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ගෙදර යැවීමට අවශ්‍ය නම් එකතු වෙලා ඊට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ ද රටේ පවතින්නේ ඉතාම භයානක තත්වයක් බවයි.

මෙම තත්ත්වයෙන් මන්ත්‍රීවරු පමණක් නොව රටේ නායකයින් සියලු දෙනාම ආරක්ෂා කළ යුතු බවද ඔහු පැවසීය.

“ගෝඨා ගෝ” කියලා තමුන්නාස්ලාට ජයග්‍රහණයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ.
ගෝඨා යන්න ඕනි නම් අපි ඔක්කොම එකතුවෙලා එකට වැඩපිළිවෙලක් හදමු.
මන්ත්‍රීවරුන්ගේ ගෙවල් යටකරලා ඒක කරන්න පුළුවන් කමක් නෑ”

Related posts

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

Malar FM

දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාව

Malar FM

නිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයි

Malar FM