Local NewsNews

භූමිතෙල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණයි…

දින ගණනාවකට පසු කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට (26) දින ලද භුමිතෙල් ලිටර් 3300 මිල දි ගැනිමට පාරිභෝගිකයන් අලුයම සිට කිලෝමිටරයක් පමණ දුරට දිගු පොලිම් වල රැදි සිටිහ.

එම ඉන්ධන පිරවුම්හලේ සිට හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දුම්රිය හරස් මාර්ගය දක්වා පාරිභෝගිකයන් පොලිම් වල රැදි සිටිහ.

එම පොලිම් වල රැදි සිටිමින් කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් මිල දි ගත හැක්කේ දිඹුල පතන පොලිස් වසමේ පදිංචිකරුවන්ට පමණක් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිම් වල රැදි සිටි ජනතාව දැනුවත් කිරිමත් සමග එම පොලිස් බල ප්‍රදේශයෙන් පිටත භුමිතෙල් මිල දි ගැනිමට පැමිණ සිටි පාරිභෝගිකයන්ගෙන් එයට විරෝධයක් මතු විය.

තමන් වෙත නිකුත් කල භුමිතෙල් ලිටර් 3300 පොලිම් වල රැදි සිටින සියළුම පාරිභෝගිකයන්ට ලබාදිම සදහා සිමා කර භුමිතෙල් නිකුත් කිරිමට පියවර ගන්නා බවයි ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති

Malar FM

කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Malar FM

හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..

Malar FM