International NewsNews

ශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…

මත්තල සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් බලපා ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ඒවා වැසීයාමේ අනතුරක් මතුව තිබේ.

ආර්ථික අර්බුද හේතුවෙන් නඩත්තු කිරීමේ දුෂ්කරතා හා ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම මත මෙම ගුවන්තොටුපල දෙක තවදුරටත් පවත්වාගෙන යාම දැඩි ගැටළුකාරි තත්වයකට පත්ව ඇත.

එමෙන්ම මෙම ගුවන් තොටුපොළ දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා ද විශාල මුදලක් වියදම් කිරීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ සිට ගමන් අරඹන දිගු දුර ගුවන් යානා ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ඉන්දියාවේ ති‍්‍රවන්ද‍්‍රම් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඉන්ධන ලබා ගනිමින් සිටී.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා වලට දැනුම් දී ඇත්තේ ප්‍රමාණවත් ඉන්ධන සහිතව පැමිණෙන ලෙසයි. එසේ නොවන්නේ නම් වෙනත් ආසන්න ගුවන්තොටුපලවලින් ඉන්ධන ලබා ගෙන පැමිණෙන ලෙසත් දැනුම් දී ඇත.

බ්ල්ම්බර්ග් වෙබ් අඩවිය හරහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා විසින් මෙසේ දැනුම් දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ද දකුණු ඉන්දීය ගුවන් තොටුපළවලින් හා ඩුබායි ගුවන් තොටුපලේදී ඉන්ධන ලබා ගන්නා බවද එම වෙබ් අඩවියේ කියාසිටියි.

Related posts

ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ

Malar FM

කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..

Malar FM

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය බේරාගන්නා එකම නායකයා ජනපතියි..- සංඝ රත්නය ජනපතිට කියති..

Malar FM