Local NewsNews

විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගුවන් සේවාවන් මෙරට ගමන්වාර අඩු කිරීමට හෝ අත්හිටුවීමට අවධානය යොමුකර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මෙරටට පැමිණෙන ගුවන් යන වලට ආපසු ගමනට ප්‍රමාණවත් ලෙස ඉන්ධන පුරවා ගෙන පැමිණෙන ලෙස ශ්‍රී ලංකාව විසින් දැනුම් දීමයි.

නමුත් අමතර ඉන්ධන පුරවාගෙන ගෙන පැමිණීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය අඩු කිරීමට සිදුවීමත් අතරමගදී ඉන්ධන පිරවීම සඳහා වෙනත් ගුවන්තොටුපලක් වෙත යාමෙන් අමතර පිරිවැයක් දරන්නට වීමත් මත විදෙස් ගුවන් සේවා මේ ගැන අවධානය යොමු කර ඇත.

මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා පිටව වන ගුවන්යානා වල ප්‍රවේශ වේශ පත්‍ර වල මිලද බොහෝ ඉහළ යා හැකි බව ද වාර්තා වෙයි.

දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාද ඉන්ධන ලබා ගැනීමේ කටයුත්ත කරනු ලබන්නේ ඉන්දියාවේ ගුවන්තොටුපලවල් හරහා ය.

Related posts

දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියති

Malar FM

කුඩු අල්ලන්නේ 19 වැනි සංශෝධනය නිසාලු..

Malar FM

යාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…

Malar FM