Local NewsNews

පෙන්ෂන් ගිය දොස්තරලා යලි සේවයට…

වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් පුරප්පාඩු පවතින රෝහල්වල සේවය කිරීමට විශ්‍රාම ගොස් සිටින වෛද්‍යවරුන් වූ වහාම සේවයට කැදවිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

දැනට විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පවතින කරාපිටිය රෝහලේ සේවය කිරීමට විශ්‍රාමික වෛද්‍යවරුන් කැදවිය යුතුව ඇති බව ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පිළිබඳ විවාදයේ දී ය.

මෙම තත්ත්වයෙන් දේශපාලන වාසි ගැනීමට කිසිවකු කටයුතු නොකල යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු විශ්වාස භංග යෝජනාවක් සම්මත වී නැති බවත් ඉන්දියාව සහ හොංකොං වල ද තත්ත්වය එසේ බවත් පැවසූ ඔහු වර්තමානය ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ද ඡන්දයක් නොගෙන අත්හිටුවීම වඩා සුදුසු දේ බවත් පැවසීය.

Related posts

එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Malar FM

දානිෂ් අලිට සිර දඬුවම්….

Malar FM

පාම් ඔයිල් තහනමෙන් දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයිනුත් දිරි ගැන්වෙයි

Malar FM