Local NewsNews

මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකිරීමේ දී මුදල් අමාත්‍යවරයාගේ එකගතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙන එනු ලබන පනත් කෙටුම්පත (13) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදෙන ලදී.

මෙම පනත් කෙටුම්පත 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

මෙම පනත් කෙටුම්පත භාරගනිමින් පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා ප්‍රකාශකර සිටියේ ජාතික වැදගත්කමක් සේ සලකා නීතිපතිවරයාගේ මතය විමසීමට මෙම පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන බවයි.

– Media unit

Related posts

මිරිස්වත්තේ වැටලීමකින් ගිනි අවි 07ක් සහ උණ්ඩ 1000ක් සොයා ගැනේ (PHOTOS)

Malar FM

ඇඳිරි නීතිය කඩකළ පිරිස 5185 දක්වා ඉහළට

Malar FM

CEB සේවකයන් 24,000ක් ඉවත් කරනවා…

Malar FM