Local NewsNews

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්….

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ක්‍රමවේදය සහිත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හදුන්වා දී තිබේ.

විනිවිද භාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් එම නියෝග නිකුත් කර තිබේ.

ඒ අනුව වෙළඳපොළ තුළ අලෙවි කරනු ලබන ඖෂධ වල උපරිම සිල්ලර මිළ ගණන් නිර්ණාය කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර තිබේ.

Related posts

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

Malar FM

නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයි

Malar FM

වසන්තට කට වරදී… කෝටි 10ක වන්දියක් ඉල්ලා ආනන්ද හිමි නඩු දමයි…

Malar FM