Local NewsNews

ලොරියක් මහ ඇලට පෙරලේ..

තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩොවොන් ඇළ මාර්ගයට පෙරලිමෙන් ලොරි රථයේ රියදුරා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශිය රෝහල ආසන්නයේදිය.

ධාවනය කරමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරු පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් ඇළ මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන පොලිසිය කියා සිටියේ.

ලොරි රථය ඇළ මාර්ගයට පෙරලිමත් සමග ලොරි රථයේ රියදුරා සිහිසුන් වි රියදුරු අසුනේම රැදි සිටියදි වතු කම්කරුවන් පිරිසක් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් පිරිසක් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා රියදුරා ඉන් ඉවතට ගෙන රෝහල වෙත ඇතුලත් කර ඇත.

ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ රියදුරා පමණක් ගමන් කර ඇති බවද දිඹුල පතන පොලිසිය පැවසිය.

ඩොවොන් ඇළ මාර්ගයේ ජල ධාරිතාව පවතින වර්ෂාවත් සමග ඉහල ගොස් ඇති නිසා ලොරි රථය ඇළ මාර්ගය ඔස්සේ ගසාගෙන යාම වැලැක්විම සදහා ලොරි රථය ආධාරක පටි යොදා රදවා ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.

Related posts

ලංකාව දැඩි අවදානමක.. කොරෝනා මුල් සති දෙක එංගලන්තයට වඩා දරුණුයි.. ලංකාවේ 100යි.. එංගලන්තයේ 09යි.. අද එංගලන්තයේ 11000 පැනලා..

Malar FM

ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..

Malar FM

‘ඉන්ධන සැපයීම සිමා කරනවා…’ ජනපති රනිල්ගේ රාජාසන කතාව මෙන්න…

Malar FM