NewsPolitical

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්වනු ඇති බවට සමාජ ජාල ඔස්සේ පළ කරන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනතාව සමග මිස ජරාජීර්ණ දූෂිත හවුල් සමග එක්වීමට කිසිසේත්ම කටයුතු නොකරන බවද ඒ මහතා පැවසුවේය.

අද වන විට සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී ඇති බවත් ජනාධිපතිවරය හා ජාතික ජන බලවේගය එක්වී බොරු කටකතා හදමින් සමාජ ජාලාවලට මුදල් ගෙවා ප්‍රචාරය කරමින් සිටින බවත් ඔහු කියා සිටී.

සමගි ජන බලවේගය ප්‍රතිපත්තිගරුක දේශපාලන පක්ෂයක් වශයෙන් රට විනාශ කළ දේශපාලන කල්ලි සමග කිසිදු අවස්ථාවක එක්ව කටයුතු නොකරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරණ ජනරැුලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ඉසුරුපාය ඉදිරිපිට උපවාසයක් අරඹයි….

Malar FM

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Malar FM

එල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විශේෂ අවධානයක්

Malar FM