Local NewsNews

මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වැඩසටහනක් අද දඹුල්ල නගරයේදී පැවැත්විය’

මෙම වැඩසටහනේ අවසාන අදියරේදී දඹුල්ල පොලිසිය විසින් මෙම කටයුත්ත නැවත්වීම ට කටයුතු කලේ අධික ජනතා සහභාගිත්වය නීතියට පටහැනි බව පවසමිනි’

මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පලාත් පාලන නියෝජිතයෙන් ඇතුලු රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරිමට සදහා විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ බව වාර්තවෙයි’

මේ සිදුවීම සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ ජනාධිපතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා දඹුල්ල නගරයේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණ බවත්, ඒ සඳහා නොසිතූ විරූ ලෙස බලාපොරොත්තු නොවූ විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් සම්බන්ධ වුණ බවත්ය’

එහිදී පොලිසිය එම දැනුවත් කිරීම් නැවැත්වීමට කටයුතු කළ අතර නීතියට ගරු කරමින් ඊට අවනත වූ පැවසූ අමාත්‍ය වරයා තවදුරටත් පැවසුවේ කෙසේ වුවද මෙවැනි දැනුවත් කිරීම් අනෙකුත් පක්ෂ විසින් බොහෝ සෙයින් සිදුකරන බවත් tහිදීද නීතිමය පියවර මේ ආකාරයෙන්ම සිදු කළා නම් වඩා සුදුසු වන බවත්ය.

Related posts

ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

Malar FM

199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්

Malar FM

ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ’ – කෙහෙළිය

Malar FM