Local NewsNews

මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..

මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට කටයුතු කිරීමට මහ බැංකු අධිපතිවරයා දැනගත යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි මාධ්‍ය ලේකස් සුසන්ත ලියනාරච්චි මහතා මෙම අදහස් පල කලේය.

‘මහ බැංකුව විසින් චක්‍ර ලේඛන නිකුත් කරලා තියෙනවා බැංකුවලට මේ කඩාගෙන වැටිච්ච කර්මාන්ත ටිකට මාස හයකට පොලිය අඩු කරනවා සීයට පනහයි. අවුරුද්දකට පොලිය මෙච්චරයි. මාස 60කට සීයට විස්සයි.

මඤ්ඤ හැදිලනෙ මහ භාණ්ඩාගාර අධිපතිතුමාට. අධිපතිතුමා දැනගන්ඩ ඕනේ පිස්සෙක් නොවී අපි කියන්නේ මේ කඩාගෙන වැටිච්ච කර්මාන්ත දිග නගා සිටුවන්න යම් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා.

මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරා බැංකුවට මේ ආකාරයට තමයි මේක කරන්න ඕනේ කියලා. මොකක්ද එක්කෝ පොලිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. නැත්නම් මේ ණය දීර්ඝ කාලීන ණය ක්‍රමවේදයකට ගිහිල්ලා මේක හරි ගස්වල දෙන්න ඕනේ.

අනිත් එක කිව්වා උසාවි ගිහින් තියෙනවනම් ඒවට විරුද්ධව ඇක්ෂන් ගන්න එපා කියලා.

මේක හරි පැහැදිලියි අන්ධයකුට ගොළුවෙකුට බීරෙකුට නෙමෙයිනේ මේක කිව්වේ. මේක කිව්වෙ මහා බැංකුවේ අධිපතිවරයට.

එතකොට මේගොල්ලොත් දැනගන්න ඕනේ මේක මේ පළවෙනිදයින් ඉස්සෙල්ල ක‍්‍රියාත්මක වෙන්න. ඔබතුමාලට කෝම හැදුනට අපට කෝම හැදිලා නෑ.

මහ බැංකුව අධිපතිවරයාට ද්විත්ව පුරවැසි භාවයක් තියෙන එක්කෙනෙක්. ආණ්ඩුවද අනිත් පැත්තෙන් නැගලා ඔස්ට්‍රේලියාවට යාවි.

එනිසා අනිත් මිනිස්සු අසරණ වේවි. ඒක නිසා ආණ්ඩුවත් නිතරේම කල්පනා කරන්න ඔ්න මෙයත් එක්ක යන්න බෑ කියල’

Related posts

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

Malar FM

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

Malar FM

ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

Malar FM