Local NewsNews

CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..

ලංකාවේ විදුලි පද්ධතියේ සවි කරන විශාල ප්‍රමාණයේ ට්‍රාන්ස්ෆෝමර (Transformers) මිලදී ගැනීම සඳහා පැහැදිලි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරයි.

කෙසේ නමුත් එයට සවි කරන එක්තරා උපාංගයක් (Tap Changer) සඳහා ජර්මනියේ නිෂ්පාදිත “MR” වර්ගයේ එකක් දැමිය යුතු යැයි විදුලිබල මණ්ඩලයේ අවශ්‍යතා වල සඳහන්ව ඇත.

එනමුත් ජර්මනියේ නිෂ්පාදිත මෙය ඉතා මිල අධිකය. එසේම ලෝකයේ තවත් එයටත් වඩා හොඳින් ක්‍රියා කරන මිලෙන් අඩු මෙම උපාංග ඇති අතර ඒවා මෙම ට්‍රාන්ස්ෆෝමර (Transformers) වල සවි කිරීමට විදුලිබල මණ්ඩලය අවසර දෙන්නේ නැත.

මෙම ඒකාධිකාරය නිසා ට්‍රාන්ස්ෆෝමර (Transformers) වල මිල ඉතා ඉහළ අගයක් ගන්නා අතර ට්‍රාන්ස්ෆෝමර (Transformers) සැපයීමේ ක්‍රියාවලියද බොහෝ දුරට ප්‍රමාද වෙයි.

මෙම තත්වය විදුලිබල මණ්ඩලයේ සමහර නඩත්තු අංශ පිළි නොගන්නා අතර ඔවුනුත් මෙම ඒකාධිකාරයට දැඩි කැමැත්තක් දක්වයි.

මෙම රජයෙන් කෙරීගෙන යන “Clean Sri Lanka” ව්‍යාපෘතියට ද මෙය සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර මෙය රජය අපහසුතාවයකට පත් කරන්නේ දැයි බරපතල සැකයක් පවතී.

Related posts

ඇසළ පෙරහර හේතුවෙන් සංචාරක පැමිණීම 17%කින් ඉහළට

Malar FM

ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…

Malar FM

ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

Malar FM