NewsPolitical

ජනතාවගේ දුක අහන්න සජිත් වෙලාවක් වෙන් කරයි..

ජනතාවගේ දුක අසන්නට ආණ්ඩුවට වේලාවක් නැති වුණත් විපක්ෂ නායක කාර්යාලය ජනතාවට විවෘත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව පැවසුවේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

“මෙරට ජනතාව අනාථ කරන රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධව නැඟී සිටිමින් අගතියට, අසහනයට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වන අයගේ දුකට පිහිටුවන වැඩසටහනක් සමගි ජන බලවේගය යටතේ ක්‍රියාත්මක කරනවා.

අද රටේ ඇත්තේ ජනතා ජීවත් කරන්න බැරි යුගයක්. ගොවියාට වී විකුණ ගන්න බැහැ. ඒ වගේම ජනතාවට දරා ගත හැකි මිලකට පොල්, සහල්, ලුණු ගන්න බැරිවෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ගන්න බැරි ආණ්ඩුවක් ජනතාව ජීවත් කරවන්නේ කෙසේද කියා ගැටලුවක් තිබෙනවා.

ආණ්ඩුවේ ඉන්න අය එදා විපක්ෂයේ සිටින විට වීවලට 150ක සහතික මිලක් දෙනවා කිවුවත් ඒ අයම කුඹුරට ගොස් ගොවියා හමුවන්න බය වෙලා.

රජයට ජනතාවගේ දුක අහන්න වෙලාවක් නැති වුණාට ජනතා ගැටලු වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය විවෘතයි”

Related posts

කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..

Malar FM

පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

Malar FM

අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

Malar FM