Business Business News News

‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10 (2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10 (6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය ‘ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරීකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතුය.

ඉහත ප්‍රතිපාදනය උල්ලංඝණය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයෙකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව පනත යටතේ වරදකට වරදකරු වේ.

ඉහත කී නීතිමය අවශ්‍යතාවය පිළිපදින ලෙස මහජනතාවට තරයේ අවවාද කරනු ලැබේ.

වැඩිදුර විමසීම් සඳහා :

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
දුරකථන අංකය : 0112 477 504
snbfi_query@cbsl.lk

Related posts

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

කොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..

Shiran Viraj

ඉන්දියාව වැඩිපුර ප‍්‍රතිඅපනයන කරන නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඔ්න කියන්නෙ මෝඩ තර්කයක්..- විමල්

Shiran Viraj