BusinessBusiness NewsNewsPolitical

සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…

මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය බිඳ වැටීමත් සමඟ සහල් ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මෙවර මහ කන්නයේදී වී අලෙවි මණ්ඩලය සහ සතොස ඒකාබද්ධව වී මිලදී ගන්නා ලද බවත් පැවසූ ඔහු සතොම විසින් වී මෙට‍්‍රික් ටොන් 4300ක් පමණ මිලට ගෙන ඇති බවද කියා සිටියේය.

කෙසේ නමුත් සහල් ආනයනයේදී කිලෝවක් සඳහා රුපියල් 65 ක් වන ආනයනික බද්ධ තවදුරටත් එසේ පවත්වාගෙන යන බවද පැවසූ ඔහු ඒ ගොවියන්ගේ ගොවීන්ගේ ආරක්ෂාව සහ අනවශ්‍ය තරම් සහ තොග මෙරටට පැමිණීම වැළැක්වීමට බවද කියා සිටියේය.

සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

රටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..

Malar FM

කොරෝනා බිළිගත් හත්වන මරණයේ අවසන් කටයුතු සිදු කරයි

Malar FM

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා

Malar FM