Local NewsNews

නව වසර උදාවත් සමඟ නවගමුව, මරදන්කේණි සහ අගලවත්ත ප්‍රදේශවලින් ඝාතන සිද්ධීන් වාර්තා වෙයි

2026 නව වසර උදාවූ ජනවාරි 01 වනදා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වෙඩි තැබීම් සහ පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ වාර්තා වී තිබේ.

නවගමුව කොරතොට වෙඩි තැබීම නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් යතුරුපැදියකින් සහ ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, එම ස්ථානයේ තිබී උණ්ඩ කොපු 15ක් පමණ සොයාගෙන තිබේ. වෙඩි වැදීමෙන් 20 හැවිරිදි බොරැල්ලේ පදිංචි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ අනෙක් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය පාතාල කල්ලි අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක කරයි.

මරදන්කේණි වත්තිරායන් ඝාතනය මරදන්කේණි, වත්තිරායන් ප්‍රදේශයේ කෝවිලක පැවැති පූජාවක් අතරතුර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. සැකකරු විසින් සිදු කළ මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධියට සම්බන්ධ 28 හැවිරිදි සැකකරු මරදන්කේණි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අගලවත්ත දෙල්පාවත්ත ඝාතනය අගලවත්ත, දෙල්පාවත්ත ප්‍රදේශයේදී අඹුසැමි ආරවුලක් හේතුවෙන් 84 හැවිරිදි සැමියෙකු විසින් සිය 79 හැවිරිදි බිරිඳට දොර පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. ජනවාරි 01 වනදා උදෑසන සිදුවූ මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව මියගොස් ඇති අතර, සැකකාර සැමියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වයි.

Related posts

පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති

Malar FM

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Malar FM

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරනු.. භූමදාන එපා.. ඉස්ලාම් ලෝකයේ බුද්ධිමත්ම පාලක සාජා සුල්තාන් ප්‍රශ්නය විසදයි…

Malar FM