Local NewsNews

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් අතර ගැටුමක් – කොස්තාපල්වරයෙකුට පිහි ප්‍රහාරයක්

බගවන්තලාව පොලිස් බැරැක්කය තුළ නිදා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම පොලිස් ස්ථානයේම සේවය කරන තවත් නිලධාරියෙකු විසින් තියුණු ආයුධයකින් ඇන බරපතල තුවාල සිදු කිරීමේ පුවතක් වාර්තා වේ. ඊයේ (07) අලුයම සිදු වූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ නිලධාරියා මේ වන විට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා සඳහන් කරන පරිදි, මෙම නිලධාරීන් දෙදෙනාම අධික ලෙස බීමත්ව සිට ඇති අතර පෙරේදා (06) රාත්‍රියේ ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමක් මෙම ප්‍රහාරයට හේතු වී තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙක් නිලධාරියා විසින් කොස්තාපල්වරයා නිදා සිටින අතරතුර ඔහුගේ උදර ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

මේ අතර බගවන්තලාව ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මැණික් ජාවාරම්කරුවන් සමඟ සෘජු සබඳතා පවත්වන බවත්, ඔවුන් රාත්‍රී කාලයට අධික ලෙස බීමත්ව සිටින බවත්ය. ප්‍රහාරය එල්ල කළ නිලධාරියා අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, පොලිස් ස්ථානයට එරෙහිව පවතින මහජන චෝදනා පිළිබඳව ද විශේෂ විමර්ශනයක් පවත්වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Malar FM

රනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..

Malar FM

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

Malar FM