Local NewsNews

බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

බොරැල්ල සහ මරදාන අතර විශේෂ රථ වාහන සැලැස්මක් අද (10) ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව මෙම මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
මෙමගින් බස් ප‍්‍රමුඛතා මංතීරු පද්ධතියට එක්වන දුර ප‍්‍රමණාය කිලෝමීටර් 03ක්.
අද ක‍්‍රියාත්මක වන වැඩසටහන පිළිබඳ පැහැදිලි කළ ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කිරීමේ වැඩසටහනේ උපදේශක, මහාචාර්ය අමල් කුමාරගේ සඳහන් කළේ මෙම බස් මංතීරුව උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා කොළඹ දෙසට ක්‍රියාත්මක කෙරෙන බවයි. බස් රථ, කාර්යාල සහ පාසල් වෑන් රථ මෙම මංතීරුවේ ධාවන කළ හැකි බවත් අනෙක් වාහන මෙම මංතීරුවේ ධාවනය කළ නොහැකි බවත් සඳහන් කළා.
බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට මෙහිදී විශේෂ දැනුම්දීමක් ද සිදු කෙරුණා. ඒ අනුව එම මංතීරු තුළ අදාළ කාලයේදී කොළඹ දෙසට වාහන නැවැත්වීමට අවස්ථාව නොමැති බවත් සඳහන් කළා.
බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ආරම්භ කෙරුණේ 2017 වසරේ අගෝස්තු මාසයේදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

Malar FM

හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවම

Malar FM

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

Malar FM