Local NewsNews

රණවිරු ස්මාරක කුළුණු කැලෑ වැදී වල් බිහිවෙයි

වසර තිහක කාලයක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් සිහි කිරීම පිණිස කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පහරිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක ඉදිකරන ලද රණවිරු අනුස්මරණ ස්මාරක පරිශ්‍රය වටා වල්බිහි වී කැලෑ වැදී ස්මාරක කුළුණු රැසක් කැඩී බිදී විනාශ වී තිබේ.
මෙම ප්‍රදේශයේ වීරෝධාර රණවිරුවන්  යාපනය, කිලාලි, වව්නියා, කිලිනොච්චි, තොප්පිගල, අලිමංකඩ, මන්නාරම ක්‍රියාන්විතයන්  වල නිරතව සිටියදී යුද්ධයෙන් මිය යාම හේතුවෙන්  ඔහුන්ගේ පවුල් වල ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙම රණවිරු අනුස්මරණ ස්මාරක කුළුණු ඉදිකර ඇති බව මනාව හෙළිවේ.
වසර තිහක කාලයක් මුලුල්ලේ රටේපැවති කුරිරු ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් කර රටේ සාමය හා සහජීවනය නංවාලීමට අමිල මෙහෙවරක් කල නූතන දුටුගැමුණු පරපුරේ වීරෝධාර රණවිරුවන්                           පිළිබද පරිකල්පන මතකයෙන් ඔබ්බට ගිය වත්මන් ජනසමාජයේ ජීවත් වන ජනයා අනාගත සංවර්ධනය පසු පස හඹායමින් තරගකාරී ජීවිත රටාවකට හුරුවීමත් සමග රණවිරු අනුස්මරණය කෙරෙහි ඔවුන්ගේ ආකල්ප වල වෙනසක් ඇති වීම  සාමන්‍ය කරුණක් වුවද
රණ විරුවන්ගේ දෙමාපියන්, සිය භාර්යන්, සොයුරන්, ඥාතීන්, හිත මිතුරන්  යනාදීන්ගේ ආකල්ප වල වෙනසක් ඇතිවීම විශ්මය උපදවන කණගාටුදායක කරුණකි. දැනට වසර ගණනාවකට පෙර ස්ථාපනය කර ඇති මෙම රණවිරු අනුස්මරණ ස්මාරක කුළුණු කැඩී බිදී, වල් බිහිවී දිනෙන් දින විනාශයට ලක්වීම  පිළිබද සොයා බලා  එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ  ආත්මාර්ථකාමිත්වයෙන් ඔද වැඩුන රණවිරු පවුල් වල සාමාජිකයින්ගේ නිසි වගකීමක් නොමැති කමින් නොවේද? ඔහුන්ගේ පරිකල්පන මතකය ගොස්  ඇත්තේ කොයි බටද?
සටහන සේයා රූ
වනාතවිල්ලුව කේ.ප්‍රියංකර
076-9928200

Related posts

හෝටලයක ගෑස් පිපිරුමක්…

Malar FM

අපරාධකරුවන් ආරක්ෂා කළ යුගය අවසන් බවත් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත බවත් ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Malar FM

සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…

Malar FM