International NewsNews

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….

චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ පවසයි.
එම ඒජන්සිය සඳහන් කළේ, අඩි 40 ක දිගකි යුත් දිව්‍ය මාලිඟය හෙවත් ටියැංගොන්- 1 නම් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් දකුණු පැසිෆික් කලාපය ඉහළින් පෘථිවි අවකාශයට ඇතුළු වූ බවයි.
2016 වසරේ මාර්තු මාසයේදී ටියැංගොන් – 1 අක්‍රිය වූ අතර එම වසරේ සැප්තැම්බර් මාසයේදී චීනය ටියැංගොන් – 1 නැමති සිය දෙවන අභ්‍යවකාශ විද්‍යාගාරය පිහිටුවීය.
ටියැංගොන් – 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2011 වසරේදී කක්ෂගත කෙරුණු අතර ඉන් 5 වසරකට පසු එහි මෙහෙයුම් නිමා විය.
2016 වසරේදී චීනය කියා සිටියේ, ටියැංගොන් – 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය පාලනයෙන් ගිලිහි ගොස් ඇති බව ත් එහි අවසානය කුමක් වේ දැයි තමාට නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !

Malar FM

වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයි

Malar FM

කොරෝනා යයි සැක කිහිප දෙනෙකු පුත්තලමෙන්.. 50ක් නිරෝධායනයට..

Malar FM