International NewsNews

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

‍සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පළමු මාස 03 තුළ පැමිණිලි 720ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කලේ එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධ පැමිණිලි බවයි.
එම පැමිණිලි අතරින්ද සියයට 75ක් පමණ ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම සම්බන්ධ පැමිණිලි බව ශ්‍රී ලංකා පරිගණක හදීසි ප්‍රතිචාර සංසදය පවසයි.
ට්විටර්, ඉංස්ටර්ග්‍රෑම් වැනි සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් ද පසුගිය මාස 03 තුළ සුළු පැමිණිලි සංඛ්‍යාවක්  ශ්‍රී ලංකා පරිගණක හදීසි ප්‍රතිචාර සංසදය වෙත ලැබී ඇති බව වාර්තා වේ.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව  ශ්‍රී ලංකා පරිගණක හදීසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

‘දිත්වා’ චක්‍රවාතය මූල්‍ය ඒකාබද්ධයට බාධාවක්: Moody’s Ratings

Malar FM

ඩොලර් නැතිව රජයේ මුද‍්‍රණාලයට කඩදාසි නෑ..

Malar FM

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

Malar FM