BusinessBusiness News

වාහන ආනයනය වැඩිවීමෙන් ආනයන වියදම ඉහල ගිහින්

සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන් රථ වාහන ආනයන වියදම ඉහළ යෑම සමස්ත ආනයන වියදමේ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
 
2018 අප්‍රේල් මාසයේදී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
 
මීට අමතරව, බස් රථ සහ ට්‍රැක්ටර් වැනි වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන ආනයනය ඉහළ යෑම හේතුවෙන් ප්‍රවාහන උපකරණ ආනයනයද ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
 
ඒ අනුව සමස්තයක් ලෙස 2018 අප්‍රේල් මාසයේ ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අංක දෙකක වර්ධනයක් වාර්තා කරමින් ඇ.ඩො.මිලියන 1,794ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්..

Malar FM

සල්ලි අච්චු ගැසුවාද? – මහ බැංකුවේ පිළිතුර මෙන්න

Malar FM

කිරී, සම්බා උග‍්‍ර හිගයක්.. අලෙවිය පස්ස දොරෙන් මිතුරන් අතරේ පමණයි.. කිලෝව 320යි..

Malar FM