NewsSportsSports News

දික්වැල්ලට පන්දුවක් වදී (PHOTOS)

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ලගේ පපු සහ උදරය අතර ප්‍රදේශයට පන්දුවක් වැදුණා.
 
පන්දුව වැදීමත් සමග දැඩි වේදනාවකට මුහුණ දුන් දික්වැල්ල කෙටි වේලාවක් බිම වැතිරී සිටිනු දක්නට ලැබුණා.
 
ශ්‍රී ලංකා පිලේ අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ මුල්පෙල කඩුලු දෙකක් බිඳ වැටීමත් සමග ඉනිම ශක්තිමත් කරමින් සිටියේ නිරෝෂන් දික්වැල්ලයි.
 
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14ක් තුළ රැස් කර ඇති  මුළු ලකුණු  සංඛ්‍යාව 65ක්. දික්වැල්ල රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 34ක්.
 
පිටිය තුළදී ලබා දුන් ප්‍රතිකාරවලින් අනතුරුව දික්වැල්ල යළිත් පන්දුවට පහර දෙමින් සිටිනවා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයි

Malar FM

මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයි

Malar FM

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Malar FM