Local NewsNews

මදූෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුගේ නිවස වටලයි – නිවසේ තිබී ප්‍රධාන කොල්ලයක සාක්ෂිත් හමුවෙලා

මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ, කඹුරුපිටිය ප‍්‍රදේශයේදීයි.

මෙම සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ පියා ප‍්‍රශ්න කිරීම් සඳහා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රුපියල් කෝටි 700යේ මැණික් කොල්ලයට යොදාගත් බව පැවසෙන මාංචුවක්ද මෙහිදී පොලිස් භාරයට ගැණුනා.

සැකකාර ලාන්ස් කෝප‍්‍රල්වරයා සපුගස්කන්ද යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති අතර ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම සැකකරු යුද හමුදාවෙන් පලාවිත් සැඟව සිටින බවද පොලිසිය සඳහන් කළා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…

Malar FM

වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

Malar FM

ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයට

Malar FM