Local NewsNews

මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටී

මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීම නිරීක්ෂණයෙන් ජෛව විද්‍යාත්මක තොරතුරු රැසක් එක්රැස් කර ගනිමින් සිටින බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තොරතුරු ඉදිරි කාලගුණ දේශගුණ විපර්යාස පිළිබඳ පුරෝකතනයට වැදගත් බවයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර පැවසුවේ.

මෙම දත්ත ඉදිරියේදී යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා.

මෙම සත්ත්වයා නැරඹීමට යන ජනතාව අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් ද වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මෙලෙස පැහැදිළි කළා.

“මේ සත්ත්වයා ආසන්නයට යෑමෙන් සත්ත්වයාගේ සපා කෑමට ලක්විය හැකියි. ඒ වගේම මේ සත්ත්වයා මේ දිනවල උඩු සම ඉවත් කිරීමේ තත්ත්වයක සිටින බැවින් එම සත්ත්වයාට අනිවාර්යයෙන් විවේකය අවශ්‍ය බවයි. එම විවේකය නොලැබීමෙන් සත්ත්වයාගේ ජීවිතයට හානියක් වීමේ ඉඩකඩද තිබෙනවා.”

(under the courtesy of nethnews.lk news web)

Related posts

පන්නන්න ගිය ලක්ෂ 89ක රන් භාණ්ඩ අත්අඩංගුවට

Malar FM

සභාපතිට කොරෝනා.. ඇමති සී.බී. සහ ප‍්‍රභූන් රැසක් සමග ඔහු උත්සවවල..

Malar FM

විනාඩි 15කින් තේ දළු කිලෝ අටක් නෙලා ලක්ෂ පහක් දිනයි..

Malar FM