International NewsNews

චීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළට

නව කොරෝනා වෛරසයක් බවට සැක පලවෙමින් චීනය තුල පැතිර යමින් ඇති අභිරහස් වෛරසය සදහා ගොදුරු වී ඇති පිරිස බලධාරින් විසින් අනාවරණය කර ඇති පිරිසට සාපේක්ෂව ඉහල අගයක් ගන්නා බව විද්‍යාඥයින් පවසනවා.

සිදුකර ඇති පර්යේෂනවලට අනුව වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් බව පැවසෙනවා. එහෙත් එලෙස නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1700 ක් පමන විය හැකි බවයි විද්‍යාඥයින් පැවසුවේ.

අදාල වෛරසයෙන් මේ වනවිට චීනයේ උහාන් ප‍්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛරසය පැතිර පවතින්නේද උහාන් ප‍්‍රාන්තය තුලයි. ඒ හමුවේ සිංගප්පූරුව සහ හොංකොං රාජ්‍ය චීනයේ උහාන් ප‍්‍රදේශයේ සිට පැමිණෙන සංචාරකයින් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන බව සදහන්.

චීනයේ සංචාරය කරන්නේ නම් සැලකිලිමත් වන්නැයි අමෙරිකාවද ඊයේ එරට ප‍්‍රජාවට දැනුම් දුන්නා. එසේම ප‍්‍රධාන අමෙරිකානු ගුවන් තොටුපල 3 කදි චීන සංචාරකයින් දැඩි පරික්ෂාවකට ලක් කරන බවයි පැවසෙන්නේ.

මේ අතර  කොරෝනා වෛරස් ආසාධිතයෙකු සිය රටින්ද හමුවු බව ජපානයද ඉකුත් දා තහවුරු කළා. ඊට අමතරව තායිලන්තයෙන්ද මේ වනවිට එක් කොරෝනා වෛරස් ආසාධිතයෙක් හමුවී තිබෙනවා.

කෙසේවෙතත් චීනය පවසන්නේ වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරිමේ තත්ත්වයක් මේ වනවිට වාර්තා වී නොමැති බවයි.

මුහුදු ආහාරවලින් සහ උහාන් ප‍්‍රාන්තයේ ඇති වනසතුන්ගේ මස් අලෙවි කරන ස්ථානවලින් එය පැතිරෙන්නට ඇතැයි චීන බලධාරින් සැක පල කරනවා.

කෙසේවෙතත් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියානු රටවලට අනතුරු අඟවා ඇත්තේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර.

Malar FM

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

Malar FM

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

Malar FM