Local NewsNews

නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බුදුපිළිම 2 ක් සමග පුද්ගලයෙකු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. අගල් 18 ක් උස, කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 805 ක්  බරැති දඹ රන් හිටි පිළිමයක් හා අගල් දෙකක් උස, ග්‍රෑම් 152 ක් බරැති කහ පැහැති හිටි පිළිමයක් මෙහිදී සොයාගෙන තිබෙනවා.

පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ මෙම පිළිම නිධානයකින් ලබාගෙන ඇති බවටයි. අත්අඩංගුවට ගැණුනු පුද්ගලයා වයස අවුරුදු 40 ක් වන මොණරාගල, ඩෝසර්වාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද අලුත්කඬේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්

Malar FM

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Malar FM

එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

Malar FM