NewsPolitical

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාවක් ඡන්දය දුන්නා කියා ව්‍යවස්ථාව කඩන්නට කිසිම අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව මාස තුනකට වඩා රැස් නොවී සිටිය නොහැකි වූ නිසා වහාම ඒ සඳහා අදාල ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ගත හැකි බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයෙක් කටයුතු කළහැකි මාසයක් පමණක් බවත් පාර්ලිමේන්තුව නොමැතිව මාස තුනක් පමණක් බවත් ව්‍යවස්ථාවේ පැහැදිලිව ඇතැයිද ඔහු කියා සිටියේය.

සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා දිගින් දිගටම කියා සිටින්නේ පැවති පාර්ලිමේන්තු කැඳවිය යුතු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඇලෝසියස්ගේ මෙන්ඩිස්ට බදු සහනයක්…

Malar FM

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

Malar FM

රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Malar FM