Local NewsNews

සැලුන් අරින්නට අවසර.. දැඩි කොන්දේසි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට අවසර දී තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ එම වෘත්තිකයන් පිරිසක් කළ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

එසේ නමුත් මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ පාලනය කිරීම සඳහා වන සියලු සෞඛ්‍ය කොන්දේසිවලට යටත්වයි.

විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය රඳවා ගැනීම වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරිය විසින් එහිදී එකී වෘත්තිකයන්ගෙන් ඉල්ලා ඇත.

කොළඹ 12 කෙසෙල්වත්තේ කොරෝනා පොකුරක් ව්‍යාප්ත වූයේ කොණ්ඩා කපන ස්ථානයකින් බව සෞඛ්‍ය බලධාරීන් විසින් හෙලි කර ගැනීමත් සමග රට පුරා එම ස්ථාන වසා දැමීමට තීරණය කරව ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..

Malar FM

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් ලක්ෂ 32,000 ක වන්දි ගෙවා අවසන්

Malar FM

රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්

Malar FM