Local NewsNews

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

අද(05) සවස 6.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213 ක් වෙයි.

අද සවස වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 760 ක් දක්වා වැඩි විය.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 ක් ‍වෙනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 538 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස අසාදනයෙන් සිදු වූ නව වැනි මරණය අද දහවල් වාර්තා විය.

හතලිස් හතර හැවිරිදි පස්දරු මවක් වන ඇය මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඇය ඊයේ(04) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට පසුව අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

කොවිඩ් ආසාදනය වීමෙන් කාන්තාව ජීවත් වූයේ කොළඹ 15 මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේයි.

ඇයගේ නිවස බී කොටසේ දහතුන් වැනි මහලෙහි පිහිටා තිබූණි.

සෞඛ්‍ය අංශ පැවසුවේ, අදාල කාන්තාව මසකට ආසන්න කාලයක් ස්වසන රෝගයකින් පීඩා විඳ ඇති බවයි.

ඒ අනුව ඇය ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ, රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

එහිදී කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය ඊයේ රාත්‍රියේම අයි.ඩී.එච්. රෝහලට මාරු කෙරුණි.

සෞඛ්‍ය අංශ පැවසුවේ, එහි ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී ඇය අද දහවල් 12.50 ට පමණ මියගිය බවයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකෙරුණි.

හතලිස් පස් හැවිරිදි පස්දරු මවක් වන මෙම කාන්තාවගේ සැමියා ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන අලෙවි කරන්නෙක්.

ඔහු පසුගිය 28 හා 29 යන දින වලදී ප්‍රදේශයේ තම නිෂ්පාදන අලෙවි කර තිබේ.

ඒ අනුව අදාල කාන්තවගේ සැමියා හා දරුවන් පස්දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණයට අදාල ජෛව සාම්පල ලබා ගැනීම අද සිදුකෙරුණි.

අනතුරුව ඇයගේ වැඩිමහල් පුත්‍රයා විවාහ වීමට සූදානම්ව සිටින එම ප්‍රදේශයේම රන්දිය උයන නිවාස සංකීර්ණයේ සිටින තරුණියගේ පවුලේ සාමාජිකයින් සමග මියගිය කාන්තාව සමීප සබඳා පැවැත්වීම හේතුවෙන් ඔවුන්ගේද ජෛව සාම්පල ලබාගැනීම සිදුකෙරුණි.

ඉන්පසුව අදාල පවුල් දෙකෙහි පුද්ගලයින් පහලොස් දෙනෙකු නිරෝධායනය සඳහා සෞඛ්‍ය අංශ විසින් රැගෙන යනු ලැබීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

Malar FM

“FTT පරණ ඇඩ් වැලක එතෙයි”

Malar FM

ෆයිසර් දකුණු ආසියාවේ මුලින්ම ගත්තේ ශ්‍රී ලංකාවයි..- රජය :: මාර්තු 25 මාලදිවයිනට දුන්නා- යුනිසෙෆ්

Malar FM