Local NewsNews

නිවාස පෙලක් ගිනිගනී…

හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ මැණික් වත්ත කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 4 කට හානි සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

වතු නිවාස 20 කින් සමන්විත එම නිවාස පස්වරු 1 ට පමණ ගින්න හටගෙන ඇත.

පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.

පැතිර ගිය ගින්නෙන් එක් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර පැතිර ගිය ගින්න පාලනය කිරිමට යාමේදි තවත් නිවාස තුනකට අර්ධ වශයෙන් හානි සිදු වි ඇත.

ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකෙරේ , ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නේ අලාභ හානි වු නිවාස වල පවුල් 4 කට අයත් සමාජිකයන් තාවකාලිව ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..

Malar FM

අහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයි

Malar FM

ජල සම්පාදන මණ්ඩලයේ පඩි ගෙවන්නත් සල්ලි නෑ..

Malar FM