Local NewsNews

ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තා එයි

කොළඹ, ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද දිනයේදී ලැබී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

එම නාවික සෙබළුන් 220 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල අනුව ඔවුන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ නොමැති බවට තහවුරු වී ඇති බවයි නාවික් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

එම ගොඩනැගිලලේ සිටි නාවික හමුදා සෙබළෙක් නව්‍ය කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගැනීමත් සමග එම ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් හුදෙකලා කොට එහි සිටි සියලුම නාවික හමුදා සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණයන් වෙත යොමු කිරිමට පියවර ගනු ලැබුවා.

මේ අතර පසුගිය දා පැවති විජයග්‍රාහී පෙළපාලියේ පෙරහුරුව සඳහා සහභාගිවෙමින් සිටියදී නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයන් බවට හඳුනා ගනු නාවික සෙබළුන් දෙදෙනාගේ දෙවන වරට සිදුකළ PCR පරීක්ෂණයන් වල වාර්තා මේ දක්වා ලැබී නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

චාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

Malar FM

පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..

Malar FM

තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…

Malar FM