Local NewsNews

සතුන්ගෙන් බෝවන රෝගයන්ගේ ඉහළ යාමක් – විද්‍යාඥයන්ගෙන් සොයා ගැනීමක්

සතුන් ආශී‍්‍රතව වර්ධනය වී පසුව සතුන් මගින් මිනිසාට බෝවන රෝග සම්බන්ධයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කරනවා.

සත්ත්ව ප්‍රෝටීන සඳහා ඇති අධික ඉල්ලූම, අක‍්‍රමවත් කෘෂිකාර්මික ක‍්‍රම මෙන්ම කාලගුණ විපර්යාස හේතුවෙන් කොවිඞ් 19 වැනි මෙවැනි රෝග බෝවීම ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව සතුන් මගින් බෝවන එහෙත්, මිනිසුන් විසින් නොසලකා හැර ඇති රෝග මගින් වසරකට පුද්ගලයින් මිලියන 02 ක් පමණ මියයන බවයි එම අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කර ඇත්තේ.

මෑත කාලීනව ලෝකයට දරුණු බලපෑම් එල්ල කළ එබෝලා සහ සාර්ස් වැනි රෝග ද දැනට ලෝකය පුරා ව්‍යාප්තවී ඇති නව්‍ය කොරෝනා වෛරසය ද මෙලෙස  සතුන්ගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය වූ වෛරස් කාණ්ඩවලට අයත්.

එවැනි වෛරස් වසංගත තත්ත්වයන් දක්වා වර්ධනය වීමෙන් සිදුවන ආර්ථිකමය හානිය දශක ගණනාවක් පුරා බලපෑම් එල්ල කරනු ඇති බවටයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

Malar FM

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩය

Malar FM

‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…

Malar FM