NewsPolitical

මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැන පැහැදිළි කිරීමක්

මහ මැතිවරණයට අදාළ මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම 08 වනදා උදෑසන 6.00 වනවිට අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහින්ද දේශපි‍්‍රය කියාසිටියේ ජාතික ලැයිස්තුවට අදාළ මන්තී‍්‍රවරුන්ගේ ලේඛණය 10 වැනිදා ගැසට් කිරීමටද බලාපොරොත්තු වන බවයි.

මනාප ගණන් කිරීමේ කටයුතු විනිවිද භාවයකින් සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියාසිටියේ.

මේ අතර යම් මැතිවරණ කොට්ඨාශයක මන්තී‍්‍රවරයෙකු තේරීපත් වී නොමැති නම් මනාප ගණනය සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.        

මනාප ගණන් කෙරෙන අවස්ථාවේ අදාළ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් හට ප‍්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන්ගේ දැනුම්දීම අනුව එම ශාලාවට පිවිසිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

තේරීම්භාර නිලධාරීවරයා විසින් මන්තී‍්‍රධූර හිමි පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම් ප‍්‍රකාශයට පත්කළ පසු මන්තී‍්‍රධූර හිමි නොවූ සියලූම පක්ෂ හෝ කණ්ඩායම්වල නියෝජිතයින් ඡන්ද ගණන් කිරීමේ පරිශ‍්‍රයෙන් ඉවත්විය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

Malar FM

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

Malar FM

ශ්‍රී ලංකාව රිදී පදක්කමක් දිනා ගනියි

Malar FM