NewsPolitical

20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර

දැනට ඉදිරිපත් කරති විසිවන ආණ්ුක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත මගින් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට නොතිබූ අංශුමාත්‍රයක බලයක් හෝ වත්මන් ජනාධිපතිවරයාට නොලැබෙන බව පළාත් සභා සහ පලාත් පාලන රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම සංශෝධනයෙන් සිදුවන්නේ 19 සංශෝධනය මගින් දියාරු කර ඇති බලතල යළිත් ජනාධිපතිවට ලබා ගැනීම පමණක් යැයිද ඔහු පෙන්වා දෙයි.

එනිසා විරෝධතා නවතා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වන ලෙස ආගමික නායකයින් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොළඹ වියත්මග කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පලකලේය.

කෙසේ නමුත් විසිවන සංශෝධනය ඉදිරිපත් කළ ආකාරයේ වරදක් ඇති බව තමන් පිළිගන්නා බවද ඔහු මෙමගින් සිදු වන්නේ 19 සංශෝධනය අහෝසි කිරීමක් බව ජනතාවට මීට පෙර අවබෝධ කර දිය යුතුව තිබූ බව ද පැවසීය.

ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් දේශප්‍රේමීන් සංවිධාන වල මතය නිවැරදි බවත් මීට පෙර මෙය පැහැදිලි කළා මෙය සිදු වන්නේ නැති බවත් ඔහු පැවසීය.

විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්වල තේරුමක් නැති බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේ

Malar FM

‘ජනාධිපතිට බනින අය ඇල්ලුවොත් පාසල් බන්ධනාගාර කරන්න වෙනවා’ – නීති විරෝධී නියෝග ගැන උදය ගම්මන්පිලගෙන් සුනිල් වටගලට තියුණු පිළිතුරක්

Malar FM

මතභේදාත්මක ඉංග්‍රීසි පාඩම පෙළපොත් මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කරයි

Malar FM