Local NewsNews

කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

කොරෝනා ආසාදනය වීමෙන් මහපාරේ පුද්ගලයන් මිය යන බවට අසත්‍ය ප්‍රචාර කල තවත් පුද්ගලයන් 29 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදනය වී පුද්ගලයන් මහමඟ මියයන බවට සංවිධානාත්මක පිරිසක් විසින් අසත්‍ය ප්‍රචාර කරන බවයි.

විදේශගතව සිටින කිහිප දෙනෙකු ද හඳුනාගත් පිරිස අතර වන බවද ඔහු පැවසීය.

සෙසු පිරිසක් මෙරට සිටින පුද්ගලයන් අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක යයිද ඒ මහතා කියා සිටියේය.

දැනටමත් එසේ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ මෙහෙයවමින් ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

Related posts

මැතිවරණය ආසන ක්‍රමයට… යෝජනාව කැබිනට්ටුවට…

Malar FM

අගමැති ඉවත් කලොත් පාරේ විරෝධතා කරන බව පොහොට්ටුව කියයි.. ජනපතිට ලිපියකින් දන්වයි…

Malar FM

දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ..ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා..අධිකරණයේදී හෙලිවේ.

Malar FM