Local NewsNews

අනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750ක් දුරින් ස්ථානගතව ඇති මෙම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී ඊට පසු එළඹෙන පැය 12ක කාලය තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටින්නේ.

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකළපුව සහ මුලතිව් අතරින් රට තුළට ලබන බදාදා සවස් කාලයේදී ඇතුළුවිය හැක.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 01 වෙනිදා සිට 03 වෙනිදා දක්වා කාලය තුලදී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. 

සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80-100 දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශය රළු විය හැක. මේ හේතුවෙන් ධිවර හා නාවික ප්‍රජාවට එම ප්‍රදේශයේ සිය නාවික කටයුතු වලින් වැලකී සිටින ලෙසට උපදෙස් ලබාදී සිටින බව කාලගුණ බලධාරීන් සඳහන් කර සිටියි.

කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

nethnews

Related posts

ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…

Malar FM

නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ අවතැන් වූ දරුවන්ට ‘ආදරය’ වැඩසටහන

Malar FM

රනිල්ට බහුතරය නෑ.. 101ක සහාය පමණයි..කමිටුවේදී හෙලි වූ සත්‍ය මෙන්න..

Malar FM