Local NewsNews

අනීතික / අවනීත රියදුරන් ඇල්ලීමට අද සිට විශේෂ මෙහෙයුමක්

රිය අනතුරු අවම කිරීම ප‍්‍රධාන අරමුණ කරගත් විශේෂ පොලිස් මෙහෙයුමක් අද සිට මුලු දිවයිනම ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කොවිඩ් 19 සමයේ රිය අනතුරු අවම මට්ටමක තිබුණ ද හුදෙකලා කිරීම් ඇතුළු සංචරණයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමග යළි රිය අනතුරු වැඩි වී ඇති බව ඉකුත් දින වල සිදු කල දත්ත අධ්‍යයනයකදී අනාවරණය වී ඇති බවත් මෙම සියළු දත්ත සැලකිල්ලට ගනිමින් අද සිට විශේෂ රථවාහන මෙහෙයුම් අරඹන බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කලේය.

lankaleadnews

Related posts

ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිම

Malar FM

කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..

Malar FM

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Malar FM