Local NewsNews

කොරෝනා හැදුනු සභාපතිගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි..

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය (24) දින සිට තාවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමට තිරණය කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සහ භාණ්ඩාගාරික , නුවරඑලිය දිස්ත්‍රික් ප.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

මන්ත්‍රිවරයා පදිංචි තලවකැලේ මඩකුඹුර නිවසේ ස්වයං නිරෝධනයේ යෙදෙමින් දුරකථන ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා ඒ බැව් පැවසිය.

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සෞඛ්‍යය අංශ විසින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි ඒ පිලිබදව පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර ප්‍රභුවරුන් සහභාගි වු රැස්විම් තුනකට සහභාගි විම නිසා ප්‍රභුවරුන් කිහිප දෙනෙකු සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු මේ වන විට සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධනයට යොමු කර ඇති බවයි මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා කියා සිටියේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාට පක්ෂයේ පුර්ණ බලතල ඇති නිසා කදිර් සෙල්වම් සභාපතිවරයාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටින කදිර් සෙල්වම් මහතාට දුරකථනය ඔස්සේ දැනුම් දුන් බවත් , ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාගේ ස්වයං නිරෝධායන කටයුතු අවසන් විමෙන් පසු කදිර් සෙල්වම් මහතා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා සහ තමන්ගේ ස්වයං නිරෝධායන කටයුතු 2021.01.03 දින අවසන් විමට නියමිත බව මන්ත්‍රිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

lankacnews

Related posts

කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.

Malar FM

විදුලි බිල නංවන්න දැමූ කැබිනට් යෝජනාව මෙන්න…

Malar FM

ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයි

Malar FM