Local NewsNews

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.

අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින් බවද උන් වහන්සේ පැවසූහ.

එකී ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක් යයිද එහිමියෝ කියා සිටිති.

අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන සිටින බවත් ජනාධිපතිගේ ගෞරවය නැති කරන බවත් උන් වහන්මේ පැවසූහ.

මෙම ඩොලර් කාක්කන් නිසා එන ඡුන්දෙන් පැරදිලා ගෙදර යන්න පමණක් නොව ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡුන්දයක් ඉල්ලන්න බැරි වනු ඇතැයිද උන් වහන්සේ කීහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

Related posts

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්

Malar FM

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Malar FM

අපි ටිකෙන් ටික හිස ඔසවගෙනයි එන්නේ…

Malar FM