NewsPolitical

මාර්තු 16 දක්වා රන්ජන් රාමණායක ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මාර්තු මස 16 වැනිදා වන තෙක් කිසිදු පියවරක් නොගෙන දැනට පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස   අභියාචනාධිකරණය අද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව කලින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර සිටියා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගොනු කල රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදි.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.සුමන්දිරන් පවසා සිටියේ මේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අසනීප තත්ත්වයකින් පසුවන නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.

පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම මාර්තු මස 16වැනිදා  සිදු කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබුවා.

මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනූව පාර්ලිමේන්තු සැසිවාර සදහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රංජන් රාමනායක සිය පෙත්සමෙන් අවධාරණය කර සිටියි.nethnews

Related posts

පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය පිළිබඳව බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් විවේචනාත්මක අදහස්

Malar FM

එකා­ මෙන් රට­ත්, ජාති­යත් ආරක්ෂා කරමු -වස්ති

Malar FM

හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් කැඳවීම්

Malar FM